මොඩර්න් මාර දූවරු.   Leave a comment

මොඩර්න් මාර දූවරු..

Posted August 2, 2012 by sasitha madushanka in Uncategorized

මොඩර්න් මාර දූවරු   1 comment

(function(d, s, id) {
var js, fjs = d.getElementsByTagName(s)[0];
if (d.getElementById(id)) return;
js = d.createElement(s); js.id = id;
js.src = “//connect.facebook.net/en_US/all.js#xfbml=1&appId=243429845777154”;
fjs.parentNode.insertBefore(js, fjs);
}(document, ‘script’, ‘facebook-jssdk’));

ඇදගෙන
දනක් වත් දිග නැති
කොට සාය
ගසාගෙන දෙදන
විසිරුනු වැලි තලය මත
යොමා නෙත් යනෙන
කොල්ලන් වෙත නිබද
සිත් සේ සරති මුන්
පෝදින වෙහෙර ලග

මේ පද පෙල ලියන්නට සිතුනේ ඊයේ පොහොය දිනයේ පන්සලට ගිය අවස්ථාවේ දුටු දසුන් කිහිපයක් නිසාය. ඊයේ පොහෙය දිනය වෙනුවෙන් පන්සලේ විශාල පින්කමක් පැවතුනි. පන්සලේ සූ ගාලා සෙනගය. අම්මා සමග මෙවන් දිනවල පන්සල පැත්තට වත් යාමට මම අකමැති වන්නේ හමුවෙන හමුවෙන කෙනා අම්මා සමග කතා කරන අතරතුර මාව පෙන්වා මේ කව්දැයි කියා අසන එතට මම කැමති නැත. ඊටත් වඩා මේ දිනවල සරසවියේ  තත්වය ගැන කරුණු පැහැදිලි කරන්නට ගියාම ඊටත් වඩා අමාරුය. කෙසේ නමුත් අමාරුවෙන් හෝ සියලු දුක් කරදර ඉවසාගෙන මමත් අම්මා සමග පන්සල් ගියෙමි.

පන්සල සිත නිවන තැනක් වූවාට ඊයේ නම් කිසිසේත්ම එසේ නොවීය. පන්සල පුරවලා ගැහැණු ළමයි සිටිති. කොල්ලෙක් සොයා ගැනීමටත් අමාරු තරම්ය. අපේ ගමේ මේ තරම් කෙල්ලන් සිටින බවක් මම දැනන් සිටියේම නැත. පැමින සි‍ටින කෙල්ලන් අනේක විද හැඩ වැඩ වලින් අලංකාර වී සිටිති. කෙනෙක් සවස ස්නනාය කල විගස පැමිනියා වාගේය. එක තැනක වැඩි වේලාවක් සිටියහොත් කෙස් රොද හරහා වතුර බින්දුවක් දෙකක් බිමට වැටේ. කොන්ඩයේ දමන වූල් බෑන්ඩ් එක අතේ දමාගෙනය(මේක ගැහැණු ළමයි අතර දැන් සෑහෙන ජනප්‍රිය විලාසිතාවකි). මේ සිද්දිය දැක්කම මට මතක් වුනේ නන්ද කුමරුන්ගේ කතාවය. මේ ගමේ ඉන්නා හොටු කෙල්ලන් දැක කොල්ලන් ගේ ඇස් උඩ යන හැටි දැක්කාම ජනපද කල්‍යානිය තෙත් හිසකේ සමග ආවිට නන්ද කුමරුට මොනවා සිතෙන්න ඇත්දැයි මට නම් හිතා ගන්නත් බැරිය. බුදු කුටිය අනේක විද සුවද වලින් පිරී ඇත. නමුත් ඒ සුවද නැගෙන්නේ සැදැහැතියන් දැල්වූ සුවද කූරු වලින් නොව්. ඒ සුවද වටේ සිටින ගැහැණු ළමයින්ගෙන් වහනය වන ශැම්පු සුවදය නැත්නම් ඔවුන්ගේ වත්සුනු සුවදය.

කෙසේ හෝ මේ ආටක කාටක මැදින් අපි බෝධිය ලගටද පැමිනියෙමු. බෝධියට මල් පහන් පුදා අවසාන වනවාත් සමගම මගේ කතා නායිකාව එතනට පැමිනියේය. දනහිසට වත් නැති කොට ‍ඩෙනිම් සායකි. ඇගේ ඉහල කොටසත් සතුටුදායක ලෙස වැසී නොතිබිනි. දුටු දර්ශණයෙන් සැබැවින්ම මම භ්‍රාන්තයට පත්වීමි. දිගු සුදු ගව්මකින් සැරසී පෝයදාට පන්සල් එන අහිංසක කෙල්ලෙක් සැබැවින්ම ඒ පරිසරයට සුන්දරත්වයක් එක් කරන්නේය. වැවට උඩින් හද පායා ඇතිවිටක එවන් දර්ශණයක මිහිරියාව අපේ කැම්පස් එකේ ඉන්න විච්චූරන ලංසි කෙල්ලන්ට වඩා නම් දහසකින් සම්පතකි. එහෙත් අද නම් සිදුවී ඇත්තේ වෙන මොකක් හෝ අවුලකි. මෙවන් කෙල්ලෙක් මම පන්සලක දැක්කාමය. වඩා හොදම පුදුමය නම් ඇය පැමින සිටියේ තම මව් තුමියද සමගය. ඇයගේ ඇදුම ගැන ඇයට ගානක් වත් නොමැත. ඇය අම්මා සමග වැලි තලය මත හිදගෙන වදින්නට පටන් ගත්තාය. වැදුම් පිදුම් කෙසේ වෙතත් ඇය අහල පහල සිටි සෑම කොල්ලෙක් දෙසම නෙත් යොමන අයුරු නම් දුටුවෙමි. සැබැවින්ම එය නම් අප්‍රිය සහගත දර්ශණයක් වූ අතර. ඇය නිසා අපහසු තාවය පත් වූයේ අහල පහල සිටි පිරිමින්ය. වැරදිලා හෝ ඇයගේ දෙනෙත් කොල්ලෙක්ගේ දෙනෙත් සමග ගැටුන හොත් ඇය කට පුරා ලස්සන සිනහවකින් සංග්‍රහ කරයි. බිරින්දෑ වරුන් සමග පැමින සිටි තරුණ මහත්වරු කීප දෙනෙක් මේ සිනාව නිසා අමාරුවේ වැටෙන අයුරු දුටුවෙමි. කෙසේ හෝ මද වෙලාවක් වැදුම් පිදුම් කල ඇය පිටවී ගියාය.

සැබැවින්ම වෙනදා නම් පන්සල් ගියවිට සුපහන් හැගුමන් පුරවා ගෙදර එන්නට පුලුවනි. එහෙත් ඊයේ මම ගෙදර ආවේ ව්‍යාකූල සිතකිනි. සිත ව්‍යාකූල වූයේ දුටු දර්ශය නිසාම නොවේ ඒ පිටුපසින් මැවී පෙනෙන භයානක හෙට දවස ගැන සිතීමෙනි. සාමාන්‍යයෙන් ගැහැනුන් පන්සල් වල ඇති වත් පිලිවෙත් ගැන සෑහෙන්න සැලකිලිමත් වෙයි. පනසලට, බුදුනට ඇත්තේ පුදුම ගෞරවයකි. නමුත් අද මම දුටුවේ ලග එන පරම්පරාවකින් මේ ගතිගුණ විනාශවී යන ආකාරය නොවේද. සැබැවින්ම මොවුන් නම් මාර දූතිකාවන්මය. පිරිමියෙක්ට පාලනය කරගත නෙහැකිම කාරණය ස්ත්‍රිය පිලිබදව ඇති ආශාව බව බුදුන් පවසා තිබෙනු මට මතකය. මේ කතාව දැන් ලංකාවේ වෙන ලිංගික අපරාද දෙස බැලූවිට මැනවින් ඔප්පුවේ. පිරිමියෙකුට ස්ත්‍රියකගේ සුවද දැනුනත් ඇතියයි බුදුන් වරෙක පවසා ඇත. නමුත් මෙවන් විබ්බන එන්න් එන්නම වැඩිවන විට කුමකින් කුමක් සිදුවේවිද. තව ටිකක් කල් යනවිට මෙරට ගැහැණුන් වෙරල බඩ ඇති පන්සල්වලට මුහුදේ නනා සිටින අතරතුර බිකිනිය පිටින් පවා පැමිනෙන්ට ඉඩ ඇත.

මට තවත් එක් විශාල ගැටලුවක් පැනනගී එනම් දැන් උදේ සවස මේ රටේ බණ කියනු ඇසේ(ඒ වායින් කීයක් දර්මදේශනා දැයි වෙනම සලකා බැලිය යුතුය). ඒ බණවලදී දරුවන් හදන හැටි පමනක් නොව බල්ලන් හදන හැටි පවා මෙරට ජනයාට කියාදෙනු ලබයි. එවන් වාතාවරණයක් තුල බල්ලන්ද ඇදුම් ඇදගෙන පන්සල් පැමිනිය යුතුය. නමුත් සිදුවී ඇත්තේ වෙන දෙයක්ය. සියල්ල උඩු යටිකුරුවී ඇත. හාමුදුරුවන්ගේ බණ ගැන විචාරන්නට නොයමි නමුත් ඇස් පනා පිට සිදුවන මේ අපරාධය ඉවසිය නොහැක. සැබැවින්ම බුද්ධ සාසනය නිකාය වලට කඩාගෙන, පන්සල් පන්සල් තරහවී ගෙනය. නිර්වණය අරමුණු කරගත් උතුම් බුද්ධ සාසනය දැන් විකාරයක් කරගෙනය. පන්සලේ යතුරු කැරැල්ල ඉනේ ගහගෙනය ලොකු හාමුදුරුවන් සහ පොඩි හාමුදුරුවන් පන්සලේ අයිතියට මරා ගනිති. මේවා නම් සැබැවින්ම ජාතික අපරාදයන්ය.  සාසනයේ ආයුශය විනය පවතින තාක් යැයි බුදුන් දේශනා කලේය. විනය දිගින් දිගටම පිරිහෙමින් පවතී. මෛත්‍රී මූල පිලිවෙත් පෑල දොරින් පැන ගොසිනි. ටීවී එකේ උදේ සිටන් බන කිව්වාට වැඩක් නැත. එහෙම හොද නම් බුදු හාමුදුරුවන්ට හැමදාම ජේතවනාරාමයේ සිට දසදහසක් සක්වලට ඇසෙන්නට බන කියන්නට තිබුනි. නමුත් උන් වහන්සේ අවශ්‍ය තැනට වැ‍ඩමවමින් දර්මය දේශණා කලේය.

මේ ගැන වැඩිය කියවන එක හොද නැත.  පව් පුරවා ගන්නවාට වඩා නිකන් ඉන්න එක හොදය. එහෙත් ඇස්පනාපිට සිදුවන මේ අපරාදය දුටුවිට සිතේ ඇතිවන වේදනාව කියා නිමකල නොහැක. විනය මෙසේ පිරිහෙන්නට හේතුවක් තිබිය යුතුය ඒ හේතුව සොයා ඊට සංවිදානාත්යක‍ව මූණ දිය යුතුය. මේ ධර්මය මෙලොවෙන් නැතිවී යන්නට  පෙර වැටහිය යුතු වග කිව යුත්තන්ට මේවා වැටහෙනවා නම් ඉතා හොදය.

Posted August 2, 2012 by sasitha madushanka in Uncategorized

Beginning   Leave a comment

I believe that every person should have a  vision of  life, on there own . I also believe,  that  vision develops with his experiences. In that case the vision of the life is something that changes, time to time. In my case i have experienced it very much. The world that I saw as a child is completely different from the world what I’m seeing now as a young person.

In my life i have gathered tot of experiences, in past few years i was thinking about all the experience that I got in my life.  I had spend plenty of endless nights on thinking about those things. When I was thinking about the meaning of the life I saw that with out a aim, without a vision this life is pointless. So I build up my vision by my own, little by little with the little experience that I had. With my experience I saw that every large building is  made up one a strong base. Every large thing you saw around you has began with a small but a strong point. I compared that point with our life and I realize that point is also common to our life. So I began to think, what should be the origin point of my life vision. I have spent days to get an idea. After a long time of thinking about things, finally I built up my base point. It’s simple and it’s very strong and also it is very hard to follow.

We have Seen  thousands of  innocent, poor people around us begin life from us. They inspire me a lot when i was thinking about the aim of the life. I thought how it may looks like  if we can make a better world for all kind of humans. I know it is very hard and endless work. One person can never do it within his life. But i was really motivated with this idea . I  don’t know what would happen in the end but I realize what I really want in my life.  I want to make a better world for ill kind of humans. That is the base of my life. It’s simple but it is strong

So here onwards I’ll shear my thoughts about what i see around me, on the basis of my life vision which was built up one the idea of making a better world.

Posted January 21, 2012 by sasitha madushanka in Beginning

Tagged with , ,